තන්තිරිමලේදී බසයක් තිරික්කල් 5ක ගැටී අයෙක් මරුට


(ඉන්දිකා  රාමනායක සහ බී.ජී. චතුරංග)

තන්තිරිමලය - ඔයාමඩුව මාර්ගයේ, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි මානෙල් වැවේ, වෑකන්ද මත දී බැතිමතුන් පිරිසක් ගමන් ගමන් කල තිරික්කල් 4ක්, සුඛෝපබෝගී බස්රථයක ගැටී අද (7) සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකු ඇතුළු තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව තන්තිරිමලය  පොලිසිය පවසයි. 

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ඇත්තේ, වතුකාමුල්ල, නාත්තන්ඩිය  ඩබ්ලිව්. තිසර දිල්ෂාන් නැමැති 22 හැවිරිදි තරුණයෙකි.

මන්නාරමේ සිට පුත්තලම දක්වා අවමගුල්   උත්සවයකට සහභාගි වීම සඳහා පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක්, මඩු වන්දනාවේ යමින් සිටි  තිරික්කල්  පහක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් ගවයන් සිව් දෙනෙක් ද තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බස්රථ රියදුරුගේ නොසැලකිල්ල මත මෙම අනතුර සිදුව ඇති බවත්, අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.